අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ මහත්වරුන්ට විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙයි.
ඒ පසුගිය දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පක්ෂය විවේචනය කර කරුණු දැක්වීම සම්බන්ධයෙනි.
ලබන 9 වැනිදා පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට ඊට කරුණු දක්වන ලෙස ද ලිපියක් මගින් අද ඔවුන්ට දැනුම් දී ඇත.