ජාතිවාදී ඉරියව්වෙන් සරදම් කළ රුසියානු ‌වොලිබෝල් පුහුණුකරුට FIVB තරග තහනමක්

Picture of අසංක

අසංක

රුසියානු කාන්තා ‌වොලිබෝල් කණ්ඩාය‌මේ පුහුණුකරු වූ සර්ජියෝ බුසාටෝට තරග 3ක් තහනම් කිරීමට ජාත්‍යන්තර ‌වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ.

ඊට ‌‌හේතුවී ඇත්තේ පසුගිය මාසයේ පැවැති ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා පැවැති කාන්තා ‌වොලිබෝල් තරගයේදී දකුණු ‌කොරියානු කණ්ඩායම පරාජය ‌කොට සුදුසුකම් ලැබීමට රුසියානු කාන්තා ‌වොලිබෝල් කණ්ඩායම සමත් වූ අවස්ථාවේදී වූ සිද්ධියකි.

ඒම අවස්ථාවේදීම රුසියානු කණ්ඩායමේ පුහුණුකරු වූ බුසාටෝ ඇගිලි හා මුහුණ භාවිත කරමින් ‘ජාතිවාදී ඉරියව්වක්’ දැක්වූයේ ප්‍රතිවාදී කණ්ඩායමට සරදමට ‌මෙනි.

මේ පිළිබද දකුණු ‌කොරියානු කණ්ඩායම අන්තර්ජාතික ‌වොලිබෝල් සම්මේලනයට පැමිණිලි කර තිබූ අතර එම සම්මේලනය ඒ් පිළිබද විභාගයක් පැවැත්වීය.

ඒහි විනය කමිටුව තීරණය ‌කර ඇත්තේ පුහුණුකරු විසින් ජාත්‍යන්තර ‌වොලිබෝල් සම්මේලනයේ විනය රීති උල්ලංගනය කර ඇති බවයි.

මෙම තීරණයට ‌පෙර රුසියාව විසින් තම පුහුණුකරුට තරග 2ක තහනමක් පනවා ඇත්තේ දකුණු ‌කොරියාවෙන් සමාව ඉල්ලා සිටින බව දැනුම් දීමක් ද හගවමිනි. ‍‍

කෙසේවෙතත් පුහුණුකරුට යුරෝපීය ‌වොලිබෝල් ශූරතාවලියේ පළමු තරග 3 වන ‌බෙලාරූස්, ස්විස්ටර්ලන්ත හා ජර්මනිය තරග 3 අහිමි වනු ඇත.

මේ මස තුළ ‌වොලිබෝල් ක්‍රීඩාව තුළ ‌‌මෙවැනි සිදුවීම් වූ‌යේ ‌මෙය පමණක් ‌නොවේ.

ආර්ජන්ටිනා ‌වොලිබෝල් කණ්ඩාය‌ෙමේ ක්‍රීඩකයන් කිහිපදෙනකු ලබන වසරේ ‌ටෝකියෝහි පැවැත්වෙන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සදහා චීනය සමග පැවැති තරගයේ ජයග්‍රහණයෙන් පසුව ‌මෙම ඉරියව්ව දැක්වීම නිසාම විවේචනයට ලක්විය.

ජාතිවාදී ඉරියව් දැක්වූ ආර්ජන්ටිනා ‌වොලිබෝල් පිරිමි කණ්ඩායම