අවිස්සාවේල්ලේ පස් ව්‍යාපාරිකයා හා ඔහුගේ ගෝලයා ඝාතනය කර ඇත්තේ අංගොඩ ලොක්කාගේ පූර්ණ අනුදැනුම මතබව මේ වන විමර්ශකයන් සොයාගෙන තිබෙනවා. ඝාතකයන් ලබා දුන් වයිබර් ඇමතුමෙන් අදාල ව්‍යාපාරිකයාගේ මුහුණ හදුනාගෙන ඇත්තේ අංගොඩ ලොක්කා විසින්ම බව මේ වන විට තහවුරු කර අවසන් බව thecolomboexpress.com අපට වාර්තා වෙනවා.
නව කැළණි පාලම ඉදිකරන ස්ථානයට අවශ්‍ය පස් කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා වන අතර එය ලබාගැනීම උදෙසා අංගොඩ ලොක්කාගේ මිතුරෙක් උත්සහ කලද එය ලැබි ඇත්තේ මේ ව්‍යාපාරිකයාට වන අතර ඒ හේතුවෙන් ඔවුන් අතර විරසකයක් ඇතිවී තිබුණ බවත් අංගොඩ ලොක්කා ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති අතර එය නොලැබීමත් ඝාතනයට හේතුවක් වී ඇතිබව වැඩිදුරටත් පැවසෙනවා.