නවතම පුවත්

ජනතාව නිසි විනිශ්චය ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා – කාඩිනල්තුමා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ප්‍රහාරය සම්බන්ධව  විරුද්ධ පක්ෂයේ සිටින අය මේ මොහොතේ ලබාදෙන පොරොන්දු වලින් ජනතාවගේ දුක පහව යන්නේ නැති බවත් ඉන් අත්වන  ප්‍රයෝජනයක් නොමැති බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කර සිටිති.

මෙරටට පැමිණි ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපතිතුමන් සමඟ ඊයේ  (27)  ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ කාදිනල්තුමා මේ බව ප්‍රකාශ කළහ.

එහිදි මාධ්‍යවේදියෙකු  විසින් තමන් බලයට පැමිණි පසු කොමිෂන් සභාවක් පිහිටුවන බවට පොරොන්දු දි තිබෙන  බවත් ඒ සම්බන්ධව කාදිනල් තුමාගෙන් විමසු අවස්ථාවේ කාදිනල්තුමා මෙසේ පැවැසුහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධින කොමිෂන් සභාවක් පිහිටුවන බවට ප්‍රකාශ කළත් ඒවා පොරොන්දු  පමණක් බවත්  බලයක් නොමැති අය දෙන පොරොන්දු වලට වඩා තමන් වහන්සේට වැදගත් වන්නේ බලයේ සිටින ආණ්ඩුවේ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ බවද උන්වහන්සේ එහිදි පැවසුහ.

කිසිදු දේශපාලන පක්ෂයට පක්ෂව කතා කරන්නට තමන් වහන්සේ සූදානම් නොමැති බවත් ඒ සම්බන්ධ විනිශ්චය ජනතාව විසින් ගනු ලබනු ඇති බවත් පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධියෙන් පීඩාවට පත්වූ ජනතාවගේ  හදවත් යම් ප්‍රමාණයකට හෝ සනසන්න නම් මේ සිදුවිමේ සත්‍යය රටට හෙළිදරවු  විය යුතු බවත් එය ඉටු කිරීම ආණ්ඩුවේ වගකීම බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

කාදිනල්තුමනි ඇයි අපට මෙහෙම දෙයක් කළේ කියා ඒ ජනතාව තාමත් විමසන බවත් එක් එක් අය මේ සම්බන්ධයෙන් අරක කරනවා මේක කරනවා කිව්වට ඒ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවත්  බලයේ සිටින පිරිස් මේ සම්බන්ධයෙන් ඊට වඩා හොඳ ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි තමන් වහන්සේ බලාපොරොත්තු වන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසුහ.

මැතිවරණය පැවැත්විමට  පෙර මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පිහිටුවීම වැදගත් බවත් මේ සම්බන්ධව ජනපතිට ලිපියක් යොමු කළත් සුභවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවත් දැන් හැමෝගෙම අවධානය යොමුව තිබෙන්නේ දේශපාලන බලය ලබා ගැනීම සම්බන්ධව බවද උන්වහන්සේ වැඩිදුරටත්  පැවසූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්