මෛත්‍රි – මහින්ද හමුවෙති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිකරගන්නා සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඊයේ රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම හමුවේදී ඇතිකරගත් එකගතාවය අනුව තවදුරටත් පක්ෂ දෙක අතර සන්ධානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී ඊයේ රාත්‍රියේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම හමුවට පැය 12කට පෙර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර නො.30 විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ හමුවක් පැවැත්විණි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඊට එක්ව සිටි අතර ශ්‍රිලනිපය වෙනුවෙන් ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.