බංග්ලාදේශය ගතවූ වසර 10 තුළ දිළිදුකමේ අනුපාතය 50%කින් පහත හෙළූ බව එරට විදේශ අමාත්‍ය අබ්දුල් මෝමන් පවසයි.
‘බංග්ලාදේශය යනු ලොව වැඩියෙන්ම දරිද්‍රතා අනුපාතය පහත දැමූ රටවල් දෙකින් එකක්’ බව හෙතෙම අවධාරණය කර තිබේ.
බංග්ලාදේශය තම ජාතියේ පියා ලෙස සළකන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මන්ගේ අනුස්මරණය සහ 44 වැනි ජාතික ශෝක දින සැමරුමේදී හෙතෙම මේ බව හෙළිකළේය.