නවතම පුවත්

පානදුර පොලිස් ගබඩාවෙන් අතුරුදන් ගිනිඅවි සැකකරුවන් අතට ගියේ මෙහෙමයි

අසංක

අසංක

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සැකකරුවන් තිදෙනෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධියට භාවිත කළ පානදුර පොලීසියෙන් අතුරුදන් වූ ගිනිඅවි සැකකරුවන් අතට පත්වූ ආකාරය පිළිබඳ හෙළිවී තිබේ.

එය සිදුවී ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමග මෙරට තුළ ආරක්ෂාව වැඩි කළ සමයේදී ය.

එවකට මාර්ගවල පවා ආරක්ෂාව තරකොට තිබියදී පානදුර උතුර පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු කිසියම් ස්ථානයක ආරක්ෂක රාජකාරියේ නිරතව තිබේ.

එහිදී ඒ අසලම රාජකාරියේ නිරතව සිටි හමුදා නිලධාරියකු කර ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනාම නිදා සිටි අවස්ථාවේදී ගිනි අවි දෙක බෑගයක ඔතා කාණුවක සැඟවීමයි.

දින 4කට පසුවත් හමුදා සෙබළා කාණුව පරීක්ෂා කරන විට සැඟවූ ගිනි අවි දෙක තිබී ඇත.

ඒ අනුව ඔහු එය රැගෙන ගොස් රුපියල් ලක්ෂයකට අලෙවි කර තිබේ.

මෙහිදී රහසිගතව සිදුවූ තවත් වංචාවක් පිළිබඳ හෙළිවී ඇත.

එනම් ගිනි අවි අතුරුදන් වී තිබුණේ පානදුර උතුර පොලීසියේ අවි ගබඩාවෙන් වූ අතර එහිදී කිසිඳු නිලධාරියකුට චෝදනා එල්ල නොවිණි.

එසේ සිදුවී ඇත්තේ ගිනිඅවි නැතිවූ පසුව එම නිලධාරීන් දෙදෙනා නැවත පොලීසියට ගොස් ඒවා භාරදුන් බවට සටහන් තැබීමය.

මේ අනුව එලෙස ව්‍යාජ සටහනක් තැබීම සම්බන්ධයෙන් ද සොයාබැලීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්