අපරාධ රැසකට චෝදනා ඇති ‘බ්ලූමැන්ඩල් සංඛ’ අත්අඩංගුවට

Picture of අසංක

අසංක

මිනිස් ඝාතන, කප්පම්, මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන පාතාල නායකයකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා අද අලුත්කඩේ අධිකරණයට නීතිඥයකු මගින් භාරවී තිබේ.

පසුගිය කාලයේ දී ඉන්දියාවට පැනගොස් සැඟවී සිටි මොහු එරට පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ ආගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙනි.

මීට සති දෙකකට පෙර ඔහු මෙරටට පැනවිත් ඇත්තේ එරට කඳවුරක රඳවා සිටියදීය.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්‍ය බළකාය විසින් මෙහෙයුමක් දියත් කර ඇති පසුබිමක ඔහු මෙලෙස භාරවී තිබේ.