තෙවරප්පෙරුම රක්ෂිත බන්ධනාගාරයට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු 5 දෙනෙක් 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත ක රනලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය අද (10දා) නියෝග කළේය.

තෙඹුවන පොලිස් වසමේ මෘත ශරීරයක් භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධව තෙබුවන පොලිසිය මගින් ලබාගත් අධිකරණ නියෝගයක් කඩ කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙසේ ඔවුහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.