නවතම පුවත්

“දින කිහිපයක් තුළ ප්‍රථිඵලය බලාගන්න පුළුවන්”- සජිත්

අසංක

අසංක

ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවේ ප්‍රතිපල දැකගත හැකිවනු ඇති අතර ප්‍රථිඵලය යහපත් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඒ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු අරලියගහ මන්දිරයෙන් පිටව යමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරි දේශපාලන තීන්දු තීරණ සම්බන්ධයෙන් හා එක්සත් ජාතික පෙරමුණ පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡාව පැවැත්විණ.

කෙසේවෙතත් නමුත් සාකච්ඡා තවම අවසන් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

අද රාත්‍රි 10ට ආසන්න වී මෙම සාකච්ඡාව ආරම්භ වූයේ අරලියගහ මන්දිරයේ දී ය.

මේ සඳහා කරු ජයසූරිය මහතා සහභාගි නොවුණි.

රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ඊට සහබාගී වූහ.

මෙම සාකච්ඡාව තුළ ඉල්ලීම්, බැගෑපත්වීම්, යෝජනා හෝ එකඟතා නොවූ බවත් සුහද සාකච්ඡාවක් පමණක් පැවැති බවත් සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

පැයක පමණ කාලයක් සාකච්ඡාව පැවැත්විණ.

නියෝජ්‍ය නායකයාට අනුව අද හෙට සහ අනිද්දා දිනවලදී ද දිගටම පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්