මන්ත්‍රීවරුන් 5ක් ශ්‍රීලනිපයෙන් දොට්ට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක හා පොදුජන පෙරමුණට සහය දක්වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන විජිත් විජයමුණි සොයිසා හා ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන්ගේ ද පක්ෂ සාමාජිකත්වය තහනම් කරනු ඇතැයි සඳහන්වේ.

ලබන සතිය තුළ ඊට අදාළ ලිපි මන්ත්‍රීවරුන්ට යොමු කිරීමට නියමිතය.