ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අද සිට ආරම්භ කෙරේ .
රත්නපුර නගරය කේන්ද්‍රකර ගනිමින් මෙම ප්‍රචාරණ කටයුතු ආරම්භවීමට නියමිත බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේක්ම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය .
ඒ අනුව ශ්‍රීලනිප , රත්නපුර දිස්ත්‍රික් සමුළුව අද පස්වරු 2.00 ට ආරම්භවීමට නියමිතවේ.
මෙලෙස දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ජයසේකර මහතා පැවසීය
ඉදිරි සති කිහිපයේදී මාතලේ, මාතර හා ගාල්ල දිස්ත්‍රික්වල එම දිස්ත්‍රික් සමුළු පැවැත්වීමට සැලසුම් කර ඇත.