වසර 28කට පසුව බොරතෙල් බැරලයක ඉහළම මිල වාර්තා කරමින් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද අලුයම 12න් පසුව 20%කින් ඉහළ ගොස් තිබේ.
ඊට බලපා ඇත්තේ ලොව විශාලතම තෙල් සැකසුම් පහසුකම සහිත හා බොරතෙල් ස්ථායීකරණ තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමේ පර්යන්ත දෙකකට එල්ල වූ ඩ්රෝන් ප්රහාරයයි.
ලොව පුරා 10%ක තෙල් නිෂ්පාදනය කරන ඇරැම්කෝ මුළු නිෂ්පාදනයෙන් 3/4ක්ම සැපයෙන්නේ ආසියාවට ය.