නවතම පුවත්

රනිල් අද ආණ්ඩුවේ දූෂණ හොයන කොමිසමට

අසංක

අසංක

වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින පෙනී සිටීමට නියමිත ය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවා ඇත.

ඒ අනුව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේ, අද දින අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමේ සිතාසි යළි නිකුත් කිරීමට ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පසුගිය 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද මන්නාරම ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් ඇති බව දන්වමින් එදින කොමිසම හමුවේ පෙනී සිටියේ නැත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන 9.30ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇතැයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි