හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි සිදුවූ වෙඩිතැබීම දැනට සිරගතව සිටින පාතාල සාමාජික ඌරු ජුවා නමැත්තා විසින් මෙහෙයවන ලද සිදුවීමක් බවට පොලීසිය සැක පළ කරයි.
වෙඩිතැබීමෙන් 23 හැවිරිදි ජල්තර පදිංචි සුරේෂ් රුවන්ත නමැත්තා මියගොස් ඇත.
තුවාලකරුවන් දෙදෙනෙකු අවිස්සාවේල්ල හා හෝමාගම රෝහල්වලට ඇතුළත් කෙරිණ.
ඉන් එක් අයකු 26 හැවිරිදි ජල්තර පදිංචි ඉඳුනිල් වජිර කුමාර නමැත්තෙකු බවට හඳුනාගෙන ඇත.
අනෙක් තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැතැයි පොලීසිය පවසයි.