වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමේ ජනපති කොමිසම හමුවට සාක්ෂි දීම සඳහා අද පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහත කෙටි වේලාවක් සාක්ෂි දී දැන් පැවැත්වෙන විවාහ මංගල්‍යයකට අත්සන් තැබීමට යා යුතු බව පවසා පිටව ගොස් තිබේ.
යළි අද පස්වරු 1.30ට පැමිණ සාක්ෂි දෙන බව පවසා අගමැතිවරයා මෙලෙස පිටත් වී ඇත.
අගමැතිවරයා කොමිසමට අද පෙරවරු 9.30ට පැමිණ තිබුණි.
නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි අගමැතිවරයාගේ ඥාතියකුගේ නිවසේ එම විවාහ මංගල්‍යය පැවැත්වේ.