නෙළුම් කුළුණේ සියලු කටයුතු නව රාජ්‍ය සමාගමක් යටතට – ජනපති

Picture of අසංක

අසංක

නෙළුම් කුළුණේ නඩත්තු කටයුතු ඇතුළු එහි සියලු වගකීම් දැරීම වෙනුවෙන් රාජ්‍ය සමාගමක් ස්ථාපනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දකුණු ආසියාවේ උසම කුළුණ වන කොළඹ නෙලුම් කුළුණ ජනතා අයිතියට පත්කිරීමේ දැන් පැවැත්වෙන උතසවයට සහභාගි වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

පුද්ගලික සමාගමක ස්වරූපයට ස්ථාපනය කරනු ලබන එම සමාගමට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීම ඉදිරියේ දී සිදුකිරීමට නියමිතය.

මෙම රාජ්‍ය සමාගම ස්ථාපනය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබෙන බව ජනාධිපතිවරයා පැවැසීය.

මේ අතර මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී සිදුවූ බව කියන රුපියල් බිලියන දෙකක වංචාවක් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී හෙළිකළේය.