රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල ලබා ගෙන ඇත්තේ රාජ්‍ය ප්‍රසම්පාද ක්‍රියාවලියෙන් පරිබාහිරිව බව වත්මන් ආණ්ඩුවේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද දින සිදුකරන ලද සාක්ෂි විමසීමේදී අනාවරණය වී ඇත.
එමෙන්ම මෙම ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුමට එළඹ ඇත්තේ මූල්‍ය රෙගුලාසිවලට පරිබාරිව බව ද මෙහිදී කොමිසම හමුවේ අනාවරණය වී ඇත.
අදාළ බදු ගිවිසුමට නීතිපති අනුමැතියක් ද ලැබී නොමැති බවද අගමැතිවරයාගේ සාක්ෂි හරහා අනාවරණය වී ඇත.
මෙම ගනුදෙනුව සඳහා රජයට රුපියල් බිලියන දෙකකුත් මිලියන 100 කට ආසන්න මුදල් වැය වී ඇති අතර වියදම් කල එම මුදලට සරිලන ලෙස බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නොමැති බවත් මෙම සාක්ෂි විමසීමේදී හෙළි වී ඇත.