එකසත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම්කිරීම සම්භන්ධව කරුණු සොයාබැලීම සඳහා පත්කර ඇති කමිටුවේ අවසන් වාර්තාව ලබන සතිය මුලදී ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
ඒ අනුව මෙම කමිටුව , එක්සත් ජාතික පෙරමුණේ සියලු පාර්ශව සමග සාකච්ජා කර ජනපති අපේක්ෂකයා පිලිබඳ ඔවුන්ගේ තීරණය හා යෝජනාව ලබන සතිය මුලදී පක්ෂය වෙත ඉදිරිපත් කරනු ඇත.
අමතරව එක්සත් ජාතික පෙරමුණෙන් පරිබාහිර විවිධ දේශපාලන සංවිධාන , සිවිල් සංවිධාන , ජනතා සංවිධාන සමගද මෙම කමිටුව සාකච්ජා කරනු ඇති බව පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේය .
මෙම කමිටුව සඳහා රන්ජිත් මද්දුම බණ්ඩාර හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ඇතුලත්ව සිටින අතර , මීට අමතරව දිනේෂ් වීරක්කොඩි හා රාජිත සේනාරත්න මහතාද මෙම කමිටුවට ඇතුලත්වී ඇත.