කළුතර, රත්නපුර දිස්ත්‍රික් දෙකෙහි ප්‍රදේශ කිහිපයකට නායයාම් අවදානමක් ඇති බැවින් අවධානයෙන් සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.
ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා ඒ අවට ප්‍රදේශ, මතුගම, පාලින්දනුවර, අගලවත්ත ආදී ප්‍රදේශවල ද අවදානමක් පවතින බවයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, රත්නපුර ප්‍රදේශවල ද මෙම අවදානමකට ඉහළ හොස් ඇතැයි එම මධ්‍යස්ථානය අනතුරු අගවා සිටියි.