ජනපති අපේක්ෂකත්වය සළකා බලන්න නම් කරූගෙන් කොන්දේසියක්

Picture of අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන ලෙසට තමන්ට ලැබී ඇති කවර ඉල්ලීමක් වුවද සලකා බැලිය හැක්කේ, ‘විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් බව’ කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ජනපති අපේක්ෂකයා කවරකු වුවද ඔහු පක්ෂයේ ව්‍යවස්ථාව හා සියලු පාර්ශ්වයන්ගේ ආශිර්වාදය ඇතිව මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

මේ පිළිබඳ දන්වා කරූ ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.