හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා අද පෙරවරුවේ කරවනැල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඒ මහතා 73 වන වියෙහි පසු විය.
2007 වසරේ සිට 2015 වසර දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.