පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමිය තුළ භූමදාන කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ තිඹිරිගස්යාය ප්රාදේශීයලේකම්වරයා වෙතය.
බෝම්බකරුගේ මෘත ශරීරය භාරගැනීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව දේහය තිඹිරිගස්යාය ප්‍රාදේශීයලේකම්වරයාට භාරදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේය.