නවතම පුවත්

තර්ජනයක් නෑ- පාකිස්තාන සංචාරය යනවා- SLC

අසංක

අසංක

ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවට තහවුරු වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පාකිස්තානයේ රැඳී සිටින මුළු කාලය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂක විධිවිධාන සලසන බවට පාකිස්තාන රජය ලබා දුන් සහතිකය අනුව මෙම තීරණය ගෙන තිබේ.

තවද, මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් ජේ. ආර්. කුලතුංග මහතා තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෝ එම සංචාරයට එවන් තර්ජනයක් ඇතැයි කිසිදු බුද්ධි අංශයක් හරහා ආරක්ෂක අමාත්‍යාංශයට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෝ එම සංචාරයට තර්ජනයක් වන බවට කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කර ඇත.

පාකිස්තාන රජය විසින් මෙරට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යවන ලද ලිපියක් මගින් කරුණු කිහිපයක් සහතික කර තිබේ.

එනම්, ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ක්‍රිකට් කණ්ඩායමට ආරක්ෂාව පිළිබඳ ඉහළම සැලකිල්ල පාකිස්තාන රජය විසින් සහතික කරන බවත් , පාකිස්තාන හමුදාව ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කරනු ඇති බවත්, රාජ්‍ය නායකයාට අනුකූල
ආරක්ෂක විව්ධාන ක්‍රියාත්මක කරන බවත් ය .

ඒ අනුව අගෝස්තු 22 සහ සැප්තැම්බර් 16 යන දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීම්වලදී 2019 ශ්‍රී ලංකා පාකිස්තාන සංචාරය අනුමත කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්