අද පෙරවරුවේ සිට මේ දක්වා පැමිණි සියලුම දුම්රියන් දෙමටගොඩ හා කොළඹ කොටුව අතර සංඥා දෝෂ හේතුවෙන් නතර කර තිබේ.
මේ වනවිට එම දුම්රියවල පැමිණි මගීහු දහස් ගණනක් පා ගමනින් දුම්රිය මාර්ගය දිගේ කොටුව දෙසට ඇදෙමින් සිටිති.
කාර්යාල වෙත යන මගීන් මෙලෙස දැඩි අපහසුතාවට ලක්ව ඇත්තේ දුම්රිය වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන අතරතුරදී ය.