ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් පුද්ගලයකු බියවද්දා මුදල් ලබාගැනීමේ ජාවරමක් කළ තරුණියක් හා පුද්ගලයකු මිරිහාන පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය විසින් ෆේස්බුක් ඔස්සේ හඳුනාගත් පුද්ගලයා සමග සබඳතාවක් පවත්වා ඇති අතර ඔහු සමග නිරුවත් ඡායාරූප ගෙන ඇත.
පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වා සැකකාරිය හා සැකකරු විසින් එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් ලබාගෙන ඇත.
සැකකරුවන් 28 හැවිරිදි රත්නපුර පදිංචිකරුවන් ය.
සැකකරුවන් දෙදෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.