නවතම පුවත්

සොලිසිටර් ජනරාල් ගැන නීතිපති විනය පරීක්ෂණයක් ඉල්ලයි

අසංක

අසංක

සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියට එරෙහිව මූලික විනය පරීක්ෂණයක් සිදුකරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා සූදානම් වෙයි.

මේ අනුව ලබන සඳුදා එම ඉල්ලීම සිදුකිරීමට නියමිත බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

දේශපාලන බලපෑම් මත ඇවන්ට්ගාඩ් සමාගමට  නඩු පැවරුවේ යැයි කියවෙන දුරකථන සංවාදයක හඩ පටයක් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමාජ මාධ්‍ය වෙත ඊයේ නිකුත් කර තිබුණි.

මෙම හඬපටය සම්බන්ධයෙන් දිල්රුක්ෂි ඩයස් මහත්මියගෙන් මූලික විනය පරීක්ෂණයක් සිදුකොට ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මෙම හඬපටයේ නිරවද්‍යතාව පිළිබඳව ද සොයාබැලීමට ද අපේක්ෂා කෙරේ.

මෙම හඬ පටය සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් විමසීමක් කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසා තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා