ට්‍රම්ප්-මෝදි හමුවක්

Picture of අසංක

අසංක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අද තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වේ.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරයේදී මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇත..

දෙරට අතර වෙළෙඳ යුද්ධය සමතයකට පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති බව තානාපති ආරංචිමාර්ග සඳහන් කර සිටී.
අමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ඉන්දියාව පැන වූ තීරු බදු මෙන් ම ඉන්දීය භාණ්ඩ සඳහා අමෙරිකාව පැන වූ තීරු බදු ලිහිල් කිරීම සම්බන්ධයෙන් එහිදී එකඟතාවකට පැමිණෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරති.