පාස්කු ප්‍රහාරය ගැන නීතිය ක්‍රියාත්මක නොවුණු හැටි හොයන්නත් කොමිසමක්

Picture of අසංක

අසංක

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක් පත් කර ඇත.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරියක් වන W. M. M. අධිකාරී මහත්මිය මෙම පංච පුද්ගල කොමිසමේ සෙසු සාමාජිකයන් වේ.