නවතම පුවත්

ගුරුකන්ද විහාරස්ථානයට TNA මන්ත්‍රී චාර්ලස් එයි – කෝවිලේ ගැටළු සොයා බලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වවුනියාව – මාධව කුලසූරිය.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානය වෙත ගෙන ඒම ‍සම්බන්ධයෙන් වන ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අද(22) කෝවිලේ සංචාරයක නිරතවිණ.

සංචාරයට එක්වු නිර්මලනාදන් ‍මහතා පැවසුවේ විහාරස්ථාන භූමියේ පවතින නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිලේ පාලක සභාව  විසින් සිදුකළ ඉල්ලීම්ක් අනුව තමන් කෝවිල් පරිශ්‍රයේ සංචාරයකට එක්විණ.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් මහරගම අපේක්ෂා රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටියදි 20 වැනිදා රාත්‍රියේ අපවත්වු සේක.

නාහිමියන්ගේ දේහය විහාරස්ථානය වෙත රැගෙනඒමට විරුද්ධව විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ පාලක සභාව මුලතිව් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද(22) උදැසන විහාරාධිකාරි පූජ්‍ය මිහිදුපුර රතනදේවකිත්ති නාහිමියන් වෙත හා විහාරස්ථාන දායක සභාව වෙත අධිකරණ නියෝගයක් යොමුකොට තිබිණ.

අදාළ නියෝගය මගින් දැනුම් දි ඇත්තේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය ලැබෙන තෙක් විහාරාධිපති නාහිමියන්ගේ දේහය ආදාහනය නොකළ යුතු අතර, විහාරස්ථානයේ විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන් වෙත හා දායක සභාවේ නිළධාරීන්ට හෙට(23) උදැසන 9.00 ට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසයි.

විහාරස්ථානයේ හා විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ දායක පිරිස් වෙනුවෙන් ප්‍රදේශයේ සාමය කඩවන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදුකිරීමට අවසරයක් නොමැති වන අතර, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය උපරිමයෙන් කටයුතු කළ යුතු බවද අධිකරණ නියෝගයෙන් දැනුම් දි තිබිණ.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ නිරාවිය පිල්යාර් කෝවිල  නමැති කෝවිලක් ඇති කිරීමට පසුගිය සමයේ දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත පිරිසක් කටයුතු කළ අතර, ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය පැවති ස්ථානය දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කොට තිබු අතර, අදාළ නඩු විභාගය අනතුරුව වවුනියාව මහාධිකරණය දක්වා මාරුකරනු ලැබීය.

වර්තමානයේදී විහාර භූමියේ පවතින කෝවිල සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයේ නඩුවක් ‍ගොනු කොට ඇත.

විහාරාධිපති නාහිමියන්ගේ දේහය ආදාහනය කර ගැනීමට ඇතිව තිබෙන ගැටළුව හේතුවෙන් දායක සභාව හා තමන් වහන්සේද මහත් අසරණ වි ඇති බව විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන්ද පැවසු සේක.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් විහාරාධිපති නාහිමියන් වෙනුවෙන් පසුගිය සමයේ විවිධ බලපෑම් එල්ල කළ බවද නයාරු ප්‍රදේශවාසීන් පැවසූහ.

නාහිමියන්ගේ ආදාහන උත්සවය හෙට(23) නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට දායක සභාව කලින් සැළසුම් කොට තිබිණ.

දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා නියෝජිතයින් හා පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක්ද විහාරස්ථාන භූමියේ පවතින කෝවිලේ කටයුතු සොයා බැලීම වෙනුවෙන් අද(22) එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්