ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනය සම්බන්ධයෙන් තීන්දුව අද – සමාජ ජාල ඇවිලේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති නාහිමියන්ගේ ආදාහනය පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සදහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

අපවත්වූ නාහිමියන්ගේ දේහය විහාර භූමියේ ආදහනය කිරීම වළක්වමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන අතර, අද පෙරවරු 9ට එහි විහාරවාසී හිමිවරුන් අධිකරණය වෙත කැදවා තිබෙනනවා.‍‍

එසේම ඊයේ රාත්‍රිය පුරාම ගුරුකන්ද විහාරයේ විදුලිය විසන්ධි කර තිබුණ මේ සම්බන්ධයෙන් අප විහාරයේ ලේකම්වරයා කල විමසීමේදී ඔහු පැවසුවේ මේ අඩම්තේට්ටම් නිසා බෞද්ධ ජනතාව දැඩි කනගාටුවවෙන් පසුවන බවයි.