නවතම පුවත්

ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සල් භූමියේ අදාහනය තහනම් වෙරළ තීරයේදී සිදුකිරීමට නියෝග

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය 20 වනදා අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කිරිමට අද ලබාදුන් අධිකරණ නියෝගයට අනුව විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට නියමිත බව විහාරස්ථානයේ ලේකම්වරයා අපට සදහන් කලා. කලින් සූදානම් කර තිබුනේ විහාරස්ථානයේ භූමියේම ආදාහන කටයුතු

උන්වහන්සේගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අපවත්වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරු 09ට පමණ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලිකාර මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව වෙනුවෙන් අධිකරණයේ සිටින දෙමළ නීතීඥයින් 15 දෙනෙකු පමණ පෙනී සිටින බව දන්වා සිටියා.

විත්තිකාර පාර්ශ්වය වන විහාරස්ථානය වෙනුවෙන් සිංහල නීතීඥයින් සිව්දෙනෙකු පෙනී සිටියා

මේ අතර ඥානසාර හිමියන්ද අද පෙරවරුවේ අධිකරණ පරිශ්‍රය වෙත පැමිණියේය.

අනතුරුව උන්වහන්සේ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය වෙත ගොස් විහාරාධිපති හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විය.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන් සිකුරාදා රාත්‍රියේ අපවත් වූ අතර උන්වහන්සේගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාවක් හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරනු ලැබීය.

එම පිරිස විසින් මීට පෙර විහාරස්ථාන භූමියේ දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවටද චෝදනා කරමින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබූ අතර එහි කෝවිලක් පිහිටුවීමට දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත සැලැස්මක්ද දියත්විය.

ඔවුන් කළ පැමිණිල්ලට අදාලව ගොනු කළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අධිකරණය මගින් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් විහාරාධිපති හිමියන්ගේ දේහය එම විහාරස්ථ භූමිය අවට අදාහනය නොකල යුතු බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා