ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්රය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් තිබේ.
ඔහුගේ විදේශ ගමන් බලපත්රය පිළිබද ලද පැමිණිල්ලක් අනුව ඒ පිළිබද විමර්ශනයක් ආරම්භ කළ බව පසුගිය සිකුරාදා විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.