නවතම පුවත්

කතුන්ට උඩුකය නිරුවතින් ප්‍රසිද්ධියේ ඇවිදීමට අමෙරිකාවේ ප්‍රාන්ත 6ක් ඉඩදෙයි

අසංක

අසංක

අමෙරිකා‌වේ ප්‍රාන්ත 6ක් තුළ කාන්තාවන්ට උඩුකය නිරුවතින් ප්‍රසිද්ධියේ ජීවත්වීමට අවසර දෙමින් අභියාචනාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ එරට කොලරාඩෝ ප්‍රාන්තයේ ෆෝට් කොලින්ස්හි අධිකරණයක වසර ගණනාවක් තිස්සේ විභාග වූ නගර ආඥාපනතේ එන, කාන්තාවන්ට ප්‍රසිද්ධියේ උඩුකය නිරුවත්ව සිටීම තහනම් බවට වන ව්‍යවස්ථාපිත නීතිය බලරහිත කරමිනි.

ඉහත නීතිය කතාබහට ලක්වූයේ එක නගරය වුවද අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත්තේ උටා, කොලරාඩෝ, යොමින්ග්, නව මෙක්සිකෝ, කැන්සාස් සහ ඔක්ලහෝමා යන ප්‍රාන්ත සියල්ලට අදාළවය. මේ අනුව ඉහත ප්‍රාන්ත 6 තුළ ඔනෑම නගරයක කාන්තාවන්ට උඩුකය නිරුවතින් ප්‍රසිද්ධියේ සිටීමේ හැකියාව නීතිය තුළින්ම ලබාදී තිබේ.

ෆෝට් කොලින්ස් නගර ආඥාපනතේ එන උඩුකය නිරුවත් තහනම් නීතියට පළමු පහර වැදුණේ පසුගිය පෙබරවාරි මාසයේ දී ය. ඒ අභියාචනාධිකරණය විසින් එම තහනම ව්‍යවස්ථා විරෝධී බවට පළකිරීමත් සමගයි. උසාවියේ තීන්දුවට පදනම් වූයේ පිරිමින්ගේ පියයුරු ලිංගික වස්තුවක් ලෙස ඒකාකාරී ස්වභාවයෙන් යුතු වන නමුත් කාන්තාවන්ගේ පියයුරු එම ඒකාකාරි බව ඍණාත්මක කරන බව පමණක් ය යන කරුණයි.

 ‘Free the Nipple’ යන අදහස පෙරදැරි කරමින් ආරම්භ වු මෙම සටනට අමෙරිකාවේ සෑම ප්‍රාන්තයකින්ම සහය නොලැබෙන බව ද පෙනී යයි. නිව් හැම්ෂයර් අධිකරණය මෑත කාලයේදී තීන්දු කර තිබුණේ කාන්තාවන් ප්‍රසිද්ධියේ උඩුකය නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි. කෙසේවෙතත් ෆෝට් කොලින්ස් අභියාචනාධිකරණ තීන්දුව අමෙරිකාව තුළ ජාතික වශයෙන් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ලබාදී ඇති බවත් එය අනාගතයේදී අමෙරිකාවේ සෙසු ප්‍රාන්ත වෙත බලාපොරොත්තුවක් ගෙන ආ බවත් ඇතැම්හු මත පළකරති.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි