මි.මී. 200 වැස්සට කොළඹ යටවෙයි

Flood
Picture of අසංක

අසංක

කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කොළඹ මාර්ග රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇත.

ඒ අනුව , කොළඹ ආමර් වීදිය , කොටහේන ජින්තු පිටිය හන්දිය, බ්ලූමැන්ඩල් ජෝර්ජ් ආර්. සිල්වා හංදිය, ජේතවන පාර ප්‍රදේශය, බේස්ලයින් පාරේ රොබට් ගුණවර්ධන හන්දිය සහ ඒ අවට මාර්ග ජලයෙන් යටවී ඇති බව වාර්තාවේ.

මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත මාර්ගය මේ වන විට ජලයෙන් යටවී තිබේ.