ඇඹුල්ගම, ගල්කිස්ස ඝාතනවල සැකකරුවන් 2ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හා ගල්කිස්ස සිල්වෙස්ටර් මාර්ගයේදී පසුගියදා සිදුවූ ඝාතනය සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, බස්නාහිර පළාත, දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු ඇඹුල්ගම සිද්ධියටත්, 31 හැවිරිදි අගුලාන පදිංචිකරුවකු ගල්කිස්සේ සිද්ධියටත් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඇඹුල්ගම පදිංචි සැකකරුගෙන් ලද තොරතුරු අනුව එම අපරාධය සිදුකිරීමට උපයෝගී කරගන්නා ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක්, ජැකට් දෙකක් සහ හෙල්මට් දෙකක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

පසුගිය 15 වන දා හංවැල්ල ඇඹුල්ගම හන්දියේදී සිදුවු වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.