නවතම පුවත්

ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිහිකර ට්‍රම්ප් ලෝක නායකයන්ගෙන් කළ ඉල්ලීම

අසංක

අසංක

ආගමික ප්‍රජාවට එරෙහිව සිදුවන අපරාධවලට එරෙහිව දඬුවම් වැඩි කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිහිපත් කරමින් ආගමික නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමකදී සියලු රාජ්‍යන්ගෙන් ඉල්ලීමක් කළේය.

මෑත කාලීනව ලොව පුරා විනාශකාරී ප්‍රචණ්ඩ ක්‍රියා පූජනීය ස්ථානවල දකින්නට ලැබීම පිළිබඳ ඔහු එහිදී සිය අප්‍රසාදය පළ කරසිටියේය. ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලිවලට පහරදීම් ද ඒ අතරට එක්වූ බව ට්‍රම්ප් පෙන්වා දී තිබේ.

“2016 දී 85 හැවිරිදි කතෝලික පූජකවරයෙක් ප්‍රංශයේ නෝර්මන්ඩි හි සමූහ උත්සවයක් පවත්වමින් සිටියදී දරුණු ලෙස ඝාතනය කරන ලදී. පසුගිය වසර තුළ එක්සත් ජනපදය, පෙන්සිල්වේනියාවේ සහ කැලිෆෝනියාවේ සිනගෝගවලදී යුදෙව් ඇමරිකානුවන්ට එරෙහි බිහිසුණු යුදෙව් විරෝධී ප්‍රහාර සිදුවිය. මාර්තු මාසයේදී නවසීලන්තයේදී සිය පවුල් සමඟ යාඥා කරන මුස්ලිම්වරුන් ඝාතනය කරන ලදී. මේ වසරේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලිවලට බෝම්බ හෙලූ අතර එහිදී කතෝලික බැතිමතුන් සිය ගණනක් මරා දැමූහ.” යැයි ට්‍රම්ප්ගේ අදහස් දැක්වීමේ සඳහන් වෙයි.

ආගමික ප්‍රජාවන්ට එරෙහි අපරාධවලට එරෙහිව නඩු පැවරීම සහ දඬුවම් කිරීම වැඩි කරන ලෙස ජනාධිපති ට්‍රම්ප් සෑම ජාතියකින්ම ඉල්ලා සිටියේය.

“ඊට වඩා විශාල අපරාධයක් තිබිය නොහැකිය. ආගමික ස්ථාන සහ ආගමික වස්තූන් හිතාමතාම විනාශ කිරීම වැළැක්වීම කළ යුතුය.” මේ අනුව ට්‍රම්ප්පාලනය විසින් ආගමික නිදහස සහ ආගමික ස්ථාන සහ ආගමික වස්තූන් ආරක්ෂා කිරීම සඳහා අතිරේක ඩොලර් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කළේය.

ආගමික නිදහස ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය හා හවුල් රාජ්‍යයන් සන්ධානයක් පිහිටුවමින් සිටින බව ද ඔහු පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි