සාමණේර දෙනමට පහර දුන් උටියාට ඇප – සිද්ධිය සමථ මණ්ඩලයට

Picture of අසංක

අසංක

හෙරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථානයක සාමණේර හිමිවරුන් දෙනමකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගම්මැදේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තා රුපියල් 10,000ක මුදල් ඇප මත අද මුදා හැර තිබේ. 

හොරොව්පතාන පොලිසිය පසුගිය 11 වනදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ සාමණේර හිමිවරුන් දෙනමකට සැකකරු විසින් පහරදෙන වීඩියෝවක් ප්‍රචාරය වීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

අනතුරුව පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු අද (24) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කැබිතිගොල්ලෑව වැඩබලන දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ අල්විස් මහතා ඉදිරියේ අද නඩුව කැදවු අවස්ථාවේ සැකකරුට ඇප හිමිවිය.

මෙම සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.