මෙම ඡායාරූපයේ දිස්වන්නේ කොළඹ නාලන්දා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයයි.
කොළඹ ආනන්ද, ගෝතමී සහ නාලන්දා යන පාසල් 3ටම යාමට ඇති මාර්ගයයි.
ජල නළ එලීම සඳහා කාණු කපා ඇති මෙම මාර්ගය නිසියාකාරව වසා නොතැබීම නිසා කාණු පද්ධතිය බ්ලොක් වී පිටාර යමින් තිබේ.
එපමණක් නොවේ, මරු කපොලු වැනි වලවල් ද හැමතැනය. මේ දරුවා ඇවිද යන්නේ කොයි මොහොතේ වලක් තුළට ඇදවැටී අනතුරට ලක්වේදැයි නොදැන ය. ඒ තරමට මාර්ගය ජලයෙන් පිරී ඇත.
ඇතැම් වලවල් තුළ කම්බි පවා මතුවී තිබේ. මේ අවදානම අතට ගෙන මෙම මාර්ගයේ දිනකට ගමන් කරන දහස් ගණන් සිසු ගුරු මාපියන් කෙතරම් අවදානමකට හෙළා තිබේද?