ආබාධිත රණවිරුවන් ජයගනී – ඉල්ලීමට කැබිනට් අනුමැතිය

Picture of අසංක

අසංක

ආබාධිත රණවිරුවන් සඳහා ලබාදෙන විශ්‍රාම වැටුප ජීවිත කාලය පුරා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද තීරණය පහත දැක්වේ.

රණවිරු විශ්‍රාම වැටුපට අමතරව ලබාදෙන මෙම ආබාධිත විශ්‍රාමික වැටුප දැනට හිමිවන්නෙ වයස අවුරුදු 55 වනතෙක් පමණි.

මෙම ඉල්ලීම දිනාගැනීම වෙනුවෙන් ආබාධිත රණවිරුවන් අව්වැසි නොතකා කොළඹ කොටුවේ උද්ඝෝෂණයක තවමත් නිරත වේ.

මේ පිළිබඳ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.