සජිත් ජනපති අපේක්ෂක කරන්න පක්ෂ නායකයින්ගේ අනුමැතිය

Picture of අසංක

අසංක

තම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත්  ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය අද හිමිවී ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති රැස්වීමේදී මෙම එකඟතාවට පැමිණ ඇත.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ ඒකමතික අනුමැතිය මේ සඳහා  හිමිවූ බව ද සඳහන් වේ.