තිස්ස සජිත්ට යැව්ව ලියුම

Picture of අසංක

අසංක

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ඉදිරි දින කිහිපය ඇතුලත යලි එජාපයට එක්වීමට සැලසුම් කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී .

එම පක්ෂයේ ජනපති අපේක්‍ෂකයා නම් කිරීමෙන් පසුව අත්තනායක මහතා මෙලෙස පක්ෂයට නැවත එක්වෙනු ඇති බවටද තොරතුරු වාර්තාවේ.

රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස තිස්ස අත්තනායක මහතාට ආරාධනා කරන බව සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ නිකුත් කල නිවේදනයකද සඳහන් කර තිබිණ.

තිස්ස අත්තනායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් යැවූ ලිපිය පහත දැක්වේ.