නවතම පුවත්

‘කොන්දේසි කතාව බොරු’- සජිත්

අසංක

අසංක

තමා කොන්දේසියකට යටත්ව එජාපෙ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට සුදානම් නොමැති බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.

තමා විවිධ කොන්දේසි වලට එකඟවූ බවට පලවන වාර්තා අසත්‍ය බවත් , තමා කාගෙවත් රූකඩයක් නොවන බවත් අද මතුගම නගරයේ පවතී ජනරැළියට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය .

ඒහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙසේද පැවසිය.

“එහෙම කොන්දේසි පැනවීමක් ගැන මේ දක්වා මට දැනුම් දීමක් කර නැහැ. එත් එක දෙයක් ගැන පැහැදිලිව කියන්න ඕන. මම කිසිම දෙකට රටේ ආත්ම ගෞරවය, පක්ෂයේ හෝ පෙරමුණේ ආත්ම ගෞරවය, ඒවගේම මගේ ආත්ම ගෞරවය තුට්ටු දෙකකට විකුනලා වාසි ගන්න කෙනෙක් නෙමෙයි. ඉතිහාසයේ එහෙම අය ඉන්න ඇති. එත්, මේ සජිත් ප්‍රේමදාස එහෙම කෙනෙක් නෙමෙයි.

කිසිම කොන්දේසියකට යටත්වෙන බාල වැඩ කරන්නේ නැහැ. එනිසා කොන්දේසිවලට යටත්වෙලා අපේක්ෂකත්වය ගන්න සජිත් ප්‍රේමදාස සුදානම් නැහැ. එක ස්ථිරයි.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා