යහපාලන ආණ්ඩුවේ දූෂණ ගැන සෙවූ කොමිශන් වාර්තාව ජනපතිට

Picture of අසංක

අසංක

වත්මන් ආණ්ඩු සමයේදී රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි කියන වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී වාර්තාව භාරදී ඇත.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරළේ ආරචිචිගේ පේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීහු කටයුතු කළහ. 

මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ 2019 ජනවාරි 17 වනදායි.