පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් මාස පහක් ඉක්ම ගොස් ඇති නමුත් ඊට සම්භන්ධ අනතුරුදායක තත්වය තවමත් ශ්‍රී ලංකාවෙන් පහව ගොස් නැති බව “ජාත්‍යන්තර අර්බුද සමූහය ” නම් සංවිධානය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.
, ඒ අනුව ශ්‍රී ලංකාව තවමත් ගමන් කරන්නේ භයානක මාර්ගයක වන බවත් එම වාර්තාවේ දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක යාන්ත්‍රණයේ විශාල අසාර්ථකත්වයක් හා බිදවැටීමක් පෙන්නුම් කරන බවද ,වාර්තාවේ දක්වා ඇත.
පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවුවා මෙන්ම ඉන් පසුව කල මෙහෙයුම් වලදීද ආරක්ෂක අංශ වල කටයුතු වල අඩුපාඩු දක්නට අති බවද මෙහි දැක්වේ.
ජාතිවාදී ආගම්වාදී ගැටුම් මතුවෙමින් ඇති බවත් ඒවා පාලනය කිරීමට දේශපාලන කොටස් නිවැරදිව ක්‍රියාත්මක නොවන බවත් මෙම වාර්තාවේ දක්වා ඇත.
මෙම ජාත්‍යන්තර අර්බුද සමූහය යනු , බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයකි