ශ්‍රීලනිප මධ්‍යම කාරක සභවේ තීරණාත්මක හමුව හෙට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රීලනිපය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අත්සන් තැබීමට යෝජිත ගිවිසුමෙහි කෙටුම්පතක් හෙට ( 30 ) දින පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම වෙත ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

ඒ අනුව හෙට දින එම ගිවිසුම පිළිබඳව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අදහස විමසීමටද නියමිතව ඇත.

මෙම ගිවිසුමට අනුමැතිය හිමිවුවහොත් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගතවීම පිළිබඳවද අවසන් එකඟතාවයකට පැමිණීමට හෙට දින
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව සැලසුම් කර ඇත.

මෙම කෙටුම්පත ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේද අධීක්ෂණය යටතේ මේ වනවිට සකස් කර අවසන් ව ඇති බව වාර්තාවේ .