හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව සඳහන් කරමින් සිවිල් ක්‍රියාකාරී ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එම පෙත්සමේ දැක්වෙන්නේ 2003 වර්ෂයෙන් පසු ගෝඨාභයට කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකික පුරවැසිභාවය ප්‍රදානය කර නොමැති බවයි.
එම නිසා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස කටයුතු කිරීම අත්හිටුවාලමින් අතුරු තහනම් නියෝගයක් ප්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා.
ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය 2003 ජනවාරි 31 වනදා අහෝසි වුණේ ඔහු එදින සිට ඇමරිකානු පුරවැසියෙකු විම හේතුවෙන්.
මේ අතර ගෙවුණු සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කලේ ගෝඨාභය ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම් කළ අයදුම්පත හෝ ඊට අදාළ ලේඛන කිසිවක් විෂය භාර රාජ්‍ය ආයතන සතුව නොමැති බවයි.
ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සිදු කර ඇති පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනයක් සිදු කරනවා.