නවතම පුවත්

මිහිඳු හිමි පිරිනිවන් පෑ වප් පුර අටවක පොහෝ දින ජාතික නිවාඩු දිනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබේ. ඒ අනුව අනුබුදු මිහිඳු මහරහතන් වහස්සේ පිරිනිවන් පා වදාළ වප් පුර අටවක පොහෝ දිනයක බැවින් උන්වහන්සේට කෘතගුණ දැක්වීමක් ලෙස ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටත් නියමිතව ඇත.

මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සහ ‘අනුබුදු මාහිමි කෘතගුණ පූජා’ පුණ්‍යෝත්සවය ලබන 04, 05, 06 දිනයන්හිදී ඓතිහාසික මිහින්තලය රාජමහා විරස්ථානයේදී පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ. මේ අනුව ලබන 04 වැනිදා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මිහිඳු මහ පෙරහර පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

වප් පුර අටවක පොහෝ දිනය හෙවත් ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය යෙදෙන ලබන 05 වැනිදා මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහස්සේලා වන්දනාවක් පැවැත්වීමටත් ධර්මදේශනා වැඩසටහන් පැවැත්වීමටත් සංවිධානය කර ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සහදන් වේ.

ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රදානත්වයෙන් ලබන 06 වැනිදා ‘මහ මිහිඳු කෘතගුණ පූජා’ ජාතික උත්සවය පැවැත්වීමට නියමිතව ඇති බව අග්‍රාමාත්‍ය කර්යාලය සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි