නවතම පුවත්

ගෝඨාභය විදෙස්ගත වීමට අවසර ලැබේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගපූරුවේ සංචාරය කිරීමට කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද (03) අවසර ලබාදුන්නා.

ඒ අනුව මේ මස 09 වැනිදා සිට 12 වැනිදා අතර කාලය තුළ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීමට විදේශ ගත වීමට අධිකරණය අවසර ලබා දෙන ලදි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද තාවකාලිකව ඔහු වෙත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බැවින් ඔහුට නාමයෝජනා භාර දීමට විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා ඉල්ලා සිටියා. මෙම ඉල්ලීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරනයේ පවතිනවා.

අද දින මෙම නඩුව විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.

මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරනයේ විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මූලික විරෝධතා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා.

එම මූලික විරෝධතා සම්බන්ධයෙන් ගොනු කර ඇති අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (03) කැදවීමට නියමිතයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා