නවතම පුවත්

ජනපති ඡන්ද‍ය කැඳවූ ගැසට්පත අවලංගු කරන්නැයි උසාවියට පෙත්සමක්

අසංක

අසංක

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් හා ජනාධිපතිවරණය සඳහා ලබන 07 වනදා නාමයෝජනා පත්‍ර  භාරගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසිනි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේදී තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බව පෙත්සම මගින් පවසා තිබේ.

එසේ තිබියදී ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින්  ගැසට් නිවේදනයක් නිකුත් කර, නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 7 වනදා සිදුකිරීමට නියමිත ය.

මැතිවරණ කොමිසමේ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙසත් නියෝගයක් නිකුත් කරන මෙන් මෙමගින් ඉල්ලා ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා